JO’s May Day rally will be a government toppling one- Udaya Gammanpila Chat Conversation End
ආණ්ඩුව පෙරළන මැයි රැළියක් බවට ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පවසනවා.
මැයි දින රැළියේ සංවිධාන කටයුතු පිළිබඳ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව හිරු ප්රවෘත්ති වෙත අදහස් පළ කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළා.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේ සංවිධාන කටයුතු පිළිබඳ හමුවක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණා.
ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් එක්වසිටියා.