මහින්ද රාජපක්ෂ මැතිතුමන් හිටපු ආරක්ෂක ප්‍රධානීන් කැඳවයි... ඊළාම් යුධ සමයේදී ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ප්‍රධාන පෙළේ ආරක්ෂක අංශ නිලධාරීන් එකොළොස් දෙනෙකු ඊයේ (28) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී ඒ මහතා හමුවුණා.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු යුධ හමුදාපති දයා රත්නායක, වයිස් අද්මිරාල් මොහාන් විජයවික්‍රම, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය සහ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ඇතුළු පිරිසක් මෙම හමුවට එක්වුණා.
මේ අවස්ථාවේ රටට එල්ල වී තිබෙන IS ත්‍රස්තවාදී තර්ජනය සම්බන්ධයෙන් කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. එම යෝජනා ඇතුළත් කරමින් ඉදිරි දින කිහිපය තුළ දී ජනාධිපතිවරයාට සහ රටේ පොදු මහජනතාව වෙත විශේෂ සංදේශයක් ලබාදීමට ආරක්ෂක ප්‍රධානීන් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර එකඟතාවයක් ඇති විය.
මෙම හමුව සදහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගී විය.