Overblog
Follow this blog Administration + Create my blog
Lankatime   ලංකා වේලාව

මහින්දගේ මැයි රැලියට බාධා පිට බාධා..බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කරයි!

April 30 2017 , Written by lankatime

මහින්දගේ මැයි රැලියට බාධා පිට බාධා..බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කරයි!

මහින්ද රාජපක්ෂගේ මැයි දින රැලිය පැවැත්වෙන ගෝල් ෆේස් මැයි දින රැලියට සහභාගි වන පෞද්ගලික බස් රථ සදහා විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් චෝදනා කරනවා.අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.

ඔහු පැවසුවේ ,බස්නාහිර පළාතේ ප්‍රවාහන අධිකාරියේ නව සභාපතිවරයා විසින් පෞද්ගලික බස් රථ ලබා නොදෙන ලෙසට බස් රථ සදහා දැනුම්දී ඇති බවයි.30 සහ 01 දිනට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගි වන බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කරන බව දැනුම්දී ඇති බවයි ඔහු සදහන් කලේ.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්ත්‍රි ප්‍රසන්න රණතුංගද එක්වී සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ,

“බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියෙන් දන්වලා තියෙනවා 30 සහ 01 යන දිනවල අපිට බස් දෙන්න එපා කියලා .එහෙම යන බස්වල මාර්ග බලපත්‍ර අහෝසි කරනවා කියලා දන්වලා තිබෙනවා.අපි මේ තර්ජන වලට බය නෑ.මීට කලිනුත් මේ ආණ්ඩුව මෙහෙන්මම කළා.අපේ බස් රථ සදහා පහර දුන්නා.පැහැදිලිවම කියනවා මේ පාර එහෙම දෙයක් කරන්න ලෑස්ති වෙන්න එපා.අපිට බාධා කරන්න එපා.එහෙම වුණොත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි. ආසියාවේ වැඩිම සෙනගක් සහභාගි වෙන මැයි රැලිය තමා අපි මේ පවත්වන්නේ. බස් රථ වලට බාධා කරන්න එපා .එහෙම කළා කියලා අපි නවතින්නේ නෑ.අපි හෙට මේ මැයි රැලිය ඓතිහාසිම මැයි දින රැලියක් බවට පත් කරනවා.”

 

 

Read more

காங்கேசன்துறை கடற்பகுதியில் அத்துமீறி உள்நுழைந்த வெளிநாட்டு படகு கடற்படையினரால் கைப்பற்று!

April 30 2017 , Written by lankatime

காங்கேசன்துறை கடற்பகுதியில் அத்துமீறி உள்நுழைந்த வெளிநாட்டு படகு கடற்படையினரால் கைப்பற்று!

காங்கேசன்துறை கடற்பகுதியில் அத்துமீறி உள்நுழைந்த 32 பேர் கொண்ட வெளிநாட்டு படகொன்றை கடற்படையினர் கைப்பற்றியுள்ளதாக தெரிவிக்கப்படுகின்றது.

இந்த படகு காங்கேசன்துறையில் பிரதேசத்தில் இருந்து 12 கடல் மைல் தூரத்தில் கைப்பற்றப்பட்டுள்ளது.

இன்று(30) காலை குறித்த படகு சந்தேகத்தின் பேரில் கைப்பற்றப்பட்டதாக கடற்படை ஊடக பேச்சாளர் தெரிவித்தார்.

குறித்த படகில் இந்தியாவைச் சேர்ந்த 2 பேர், மியன்மாரைச் சேர்ந்த 14 பேர் மற்றும் 16 சிறுவர்கள் உள்ளதாக தெரிவிக்கப்பட்டுள்ளது.

Read more

සංචිතයට තෙරුණූ කුලේ ඇතුළ ප්‍රවීණයින් තිදෙනෙකුට චැම්පියන්ස් අහිමී වෙයි ?

April 30 2017 , Written by lankatime

සංචිතයට තෙරුණූ කුලේ ඇතුළ ප්‍රවීණයින් තිදෙනෙකුට චැම්පියන්ස් අහිමී වෙයි ?
ලබන ජූනි මස 01 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී.  චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක‍්‍රීඩකයන් කීප දෙනකුම ආබාධ හේතුවෙන් ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සංචිතයට ඇතුළත්ව සිටියද ඔහු ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න පුහුණු තරගවලදී පන්දු යවන ආකාරය අනුව තීරණය වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ද ප්‍රකාශ කර තිබිණි.
මාලිංග මේ වන විට අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින අතර ඔහු  එම තරගාවලියේද තරග කීපයකින් විවේක ගෙන සිටියි.
ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර සහ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදර මස්පිඬු පෙරළීමේ ආබාධයන්ට ගොදුරුව සිටින බවත් එම ආබාධ හේතුවෙන් මේ දෙදෙනාම තරගවලට සහභාගි වීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඇතැම් ක‍්‍රීඩකයන්ට තරගාවලියට පිටත්ව යෑමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණවලටද පෙනී සිටීමට සිදුවී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.
Read more

නාමල්ගේ චෝදනාවලට රාජිතගෙන් පිළිතුරු!

April 30 2017 , Written by lankatime

නාමල්ගේ චෝදනාවලට රාජිතගෙන් පිළිතුරු!

ආණ්ඩුව පසුගිය රජයේ සොරකම් පිළිබඳව නොයෙකුත් චෝදනා එල්ල කල ද මේ වන තෙක් කිසිදු චෝදනාවක් ඔප්පු කරගැනීමට නොහැකි වී ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ හැකි ඉක්මනින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවයි.

Read more

කවුද එකතුවෙන්න කතා කරන්නේ ? ඒ කතා බොරු : ප්‍රසන්න රණතුංග!

April 30 2017 , Written by lankatime

කවුද එකතුවෙන්න කතා කරන්නේ ? ඒ කතා බොරු : ප්‍රසන්න රණතුංග!

පාරම්පරික ශ්‍රීලනිප ගතිකත්වයකින් යුක්‌තවූ ප්‍රසන්න රණතුංග, ඒකාබද්ධ විපක්‌ෂයේ කැඳවුම්කරුය. ඔහුට එරෙහිව චෝදනාවලියක්‌ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතී. මැයි දින උණුසුම සහ එම චෝදනාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්‌ෂයේ කැඳවුම්කරු ඔබ. ඔබගේ සහෝදරයා වන අර්ජුන රණතුංග ඇමැතිතුමා ප්‍රකාශ කරන පරිදි, ඔබේ පියා වන රෙජී රණතුංග මහතාට සලකපු නැති මහින්ද රාජපක්‌ෂ මහතාගේ දේශපාලන කඳවුරේ තමයි ඔබ ඉන්නේ. රෙජී රණතුංග මහතාගේ ජනප්‍රියම පුතා, ඔබට කරන මේ චෝදනාවට ඔබ දෙන පිළිතුර මොකක්‌ද…?

පිළිතුර – එතුමා රෙජී රණතුංග මහතාගේ ජනප්‍රියම පුතා කියලා, ඔබ කියනවා. ඒ නිසා මේ කාරණය මම මුලින්ම කියන්න කැමතියි. පසුගිය මහ මැතිවරණයේ මනාප ඡන්ද ගණන දිහා බලද්දී ඔහුට වඩා ගොඩක්‌ ඉදිරියෙන් මම ඉන්නේ. එයා මට වඩා වැඩිපුර ඡන්ද ගත්තත්, මට වඩා ජනප්‍රිය වුණත් මට ප්‍රශ්නයක්‌ නැහැ. මම මේ කාරණය කිව්වේ, දේශපාලන වශයෙන් මිනිස්‌සුත් එක්‌ක වැඩිපුර ඉන්නේ මම කියලා, කියන්නයි. රෙජී මහත්තයත් එක්‌ක එදා ඉඳලා දේශපාලනයේ හිටියේ මම. ඒගොල්ලෝ කොළඹට වෙලා ක්‍රිකට්‌ ගහන කොට, මම නැවතිලා හිටියේ ගම්පහ. අපි දේශපාලනය කළේ, ශ්‍රීලනිප නායකයන් සමඟ. අපි හිටියේ එජාප විරෝධී කණ්‌ඩායම සමඟ. බණ්‌ඩාරනායක මහත්තයා ශ්‍රීලනිපයෙන් එළියට ආවේ, එජාප දේශපාලනය එපා කියලා. එදා ඉඳලා රෙජී මහත්තයලා ශ්‍රීලනිපයේ දේශපාලනය කළේ. 1977 දී අපේ ගෙවල් ගිනි තියලා, තාත්තාට පිහියෙන් ඇන්නේ එජාපය. එජාපය සමඟ රණතුංග පවුලට ගනුදෙනුවක්‌ තිබ්බේ නැහැ. රෙජී මහත්තයා, එජාප විරෝධී දේශපාලනයක තමයි යෙදුණේ. මහින්ද මහත්තයාට අවුරුදු නවයකට පස්‌සේ රෙජී මහත්තයාව මතක්‌වෙලා කියලා අර්ජුන රණතුංග මන්ත්‍රීතුමා දිවයින පුවත් පතට ප්‍රකාශයක්‌ කර තිබෙනවා මමත් දැක්‌කා.

එතුමා කියන්නේ බොරු… මේ කියන බොරුවලත් සීමාවක්‌ තියෙන්න ඕනෙනේ…

රෙජී රණතුංග මහත්තයාගේ මරණයෙන් පස්‌සේ පළවැනි සංවත්සරය පැවැත් වූයේ, අරලියගහ මන්දිරයේ, මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. අපි ප්‍රතිපත්තියක්‌ විදිහට තාත්තාගේ බණටවත්, දානයටවත් එතුමාට ආරාධනා කරන්නේ නැහැ. ඒකට හේතුව අපේ පවුලේ එක එක දේශපාලන මත දරන අය ඉන්න නිසා. තාත්තාගේ බණ සහ දානය හැමදාම කළේ, මගේ නිවසේ… මගේ නායකයා වුණත්, ඒ හේතුව නිසා මම එතුමාට ඒ සඳහා ආරාධනා කරන්නේ නැහැ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා. ඒ අනුව බැසිල් රාජපක්‌ෂ මහත්තයා ඒ පිංකම සඳහා සහභාගි වෙනවා. අවස්‌ථා දෙකකදී තාත්තාගේ සැමරුම් උත්සව සඳහා මහින්ද මහත්තයා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අර්ජුන රණතුංග මහත්තයා මේ කාරණාව කියන එක වැරදියි.

අද එතුමා ඉන්නේ කා එක්‌කද…? මෛත්‍රිපාල සිරිසේන එක්‌ක. එවකට පක්‌ෂයේ ලේකම්. අර්ජුන රණතුංග මහත්තයාගේ නායිකාව චන්ද්‍රිකා මැතිනිය… මේ දෙන්නා තාත්තාට කරපු දේ බලන්න. 89 මහා මැතිවරණයේදී තාත්තා තරග කරනකොට ආසනයට තව කෙනෙක්‌ දැම්මේ, චන්ද්‍රිකා මැතිනිය. ඒකෙන් තාත්තා දින්නා. 94 මහ මැතිවරණයට තාත්තා ඉදිරිපත් වෙන කොට මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්තයාව තාත්තා එක්‌ක තරග කරන්න දැම්මේ චන්ද්‍රිකා මැතිනිය. අපි සුරවීර මහත්තයා එක්‌ක තරහක්‌ නැහැ. එතුමාලා අපිත් එක්‌ක හොඳයි. අපි එතුමාලාට චෝදනාවක්‌ කරන්නේ නැහැ. නමුත් සිද්ධ වුණ දේ ඒකයි. තාත්තා දේශපාලනය කරලා පාර්ලිමේන්තුවට ගියා. තාත්තාට, නියෝජ්‍ය ඇමැතිකමක්‌වත් එතුමිය දුන්නේ නැහැ. පක්‌ෂය වෙනුවෙන් ගුටි කාලා, බොහෝ දේ නැති කරගත්ත, පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ වෙච්ච තාත්තාට එහෙමයි චන්ද්‍රිකා මැතිනිය සැලකුවේ.

මම එතුමිය සමඟ ළඟින්ම කටයුතු කළා. ‘තාත්තා වයසයි… තාත්තාට අයින් වෙන්න ලියලා ඔයා ඉල්ලන්න…’ කියලා එතකොට එතුමිය මට දවසක්‌ කිව්වා. ‘මැඩම්, තාත්තලා පක්‌ෂය වෙනුවෙන් කැපවෙච්ච මිනිස්‌සු… තාත්තට එහෙම කරන්න මට ඕනේ නැහැ.. තාත්තා ජීවත් වෙලා ඉන්නකං මම පාර්ලිමේන්තුවට ඉල්ලන්නේ නැහැ…’ කියලා මම කිව්වා. 2004 අපි පැරදුණාට පස්‌සේ, ආණ්‌ඩුකාරකමක්‌ දෙන්න එන්න කියලා, තාත්තා, නැකත් එහෙම බලලා එතැනට ගියහම තාත්තාව හරවලා එව්වේ, චන්ද්‍රිකා මැතිනිය. ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සිද්ධිය අර්ජුනට අයියාට අමතක වෙන්න විදියක්‌ නැහැනේ… අපිට ගහලා, එතුමියගේ මාමාව සභාපති කරන්න වැඩ කරපු හැටි මට නම් මතකයි. මම පළාත් සභාවේ වැඩිම ඡන්ද අරගෙනත් මට ඇමැතිකමක්‌වත් දුන්නේ නැහැ.

රෙජී රණතුංග මහතාගේ අවමඟුල් උත්සවයටත් මහින්ද රාජපක්‌ෂ මහතා සභභාගි නොවුණ බවට අර්ජුන රණතුංග මහතා චෝදනා කළා…

මහින්ද මහත්තයා මරණ ගෙදරට අපේ ගෙදරට ආපු නැති එක ඇත්ත… ඒ වෙනුවට එතුමා තාත්තාගේ මරණය බලන්න මල් ශාලාවට ඇවිල්ලා, එහෙම්ම විදේශ ගතවුණා. රට යන්න තිබ්බ නිසා තමයි, එතුමාට මරණ ගෙදරට එන්න බැරි වුණේ… මේ වගේ බොරු කියලා තමයි, ඔය අය රටේ ජනතාව රවට්‌ටන්න හදන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ, උත්සවයකදී සරත් ගුණරත්න මහත්තයා එතකොට නියෝජ්‍ය ඇමති… එතුමා ඉදිරි පෙළේ වාඩිවෙලා හිටියා. ‘සරත්, ඔයා නැඟිටලා පස්‌සට ගිහින් රෙජී අයියට ඉස්‌සරහ පුටුව දෙන්න…’ කියලා, මහින්ද මහත්තයා කිව්වා. මම එතකොට පළාත් සභාවේ මන්ත්‍රී මම ඒක අහගෙන හිටියා. සරත් අයියා නැගිටලා එන්න හදද්දී, තාත්තා එයාට එපා කියලා එහෙම්ම හිටියා. උත්සවය ඉවර වුණාට පස්‌සේ මහින්ද මහත්තයා තාත්තාට කිව්වා ‘රෙජී අයියේ ඔයා ඔහොම කරන්න එපා… අපිට හොඳ නැහැ. ඔයා ගම්පහ ජ්‍යෙෂ්ඨයෙක්‌, අඩු ගාණේ ඔයා නියෝජ්‍ය කථානායකකම අරගෙනවත් වැඩ කරන්න කියලා. මහින්ද මහත්තයා තාත්තට සැලකුවේ නැත්තේ නැහැ. මේ ඇත්ත තියාගෙන අද බොරු කියන්නේ ඇයි කියලයි මම අර්ජුන රණතුංග මහත්තයාගෙන් අහන්නේ… එහෙම තාත්තට ආදරේ නම්, තාත්තට සැලකුවේ නැහැ කියලා, ඔහොම තරහක්‌ තියෙනවා නම්, එජාපය සහ තාත්තට අර විදිහට සලකපු චන්ද්‍රිකා මැතිනිය එක්‌ක එයා කටයුතු කරන්නේ කොහොමද…?

ප්‍රශ්නය – ඔබට අද වඩා වැදගත් වෙන්නේ මහින්ද රාජපක්‌ෂට ගැතිකම් කිරීම මිසක්‌ තාත්තාට සැලකීම නොවන බවයි මේවායෙන් පෙනී යන්නේ…

පිළිතුර – මම මහින්ද රාජපක්‌ෂ ගැත්තෙක්‌ නෙමෙයි. මම එතුමාට සලකන්නේ, ගෞරව කරන්නේ, එතුමා මේ රට බේරා ගත්ත නායකයා නිසයි. ශ්‍රීලනිපය විනාශ කළේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා ඒක කළේ එජාපය එක්‌ක කුමන්ත්‍රණය කරලා. 2015 ජනවාරි අට විතරක්‌ නෙමෙයි, එතුමා මේක කළේ. අගෝස්‌තු මාසයේ මහා මැතිවරණයේදීත් එතුමා ඒක කළා. රනිල්ව අගමැති කරලා, එජාපය සමඟ ආණ්‌ඩු පිහිටුවන කොට අපිට එතැන හිට ගන්න බැහැ. මම පාක්‌ෂිකයා වෙනුවෙනුයි කතා කරන්නේ. අදටත් පක්‌ෂයේ සියයට අනූ පහක්‌ ඉන්නේ මහින්ද මහත්තයා එක්‌කයි. මොකද නියම ශ්‍රීලනිපය නියෝජනය කරන්නේ එතුමා ඇතුළු පිරිස නිසා. මගේ පියාත් පාක්‌ෂිකයා රැකගන්න කටයුතු කළා. මමත් පාක්‌ෂිකයා රැකගන්න කටයුතු කරනවා. ඒකයි රෙජී රණතුංග ප්‍රතිපත්තිය.

ප්‍රශ්නය – පක්‌ෂය ගැන ඔච්චර හිතනවා නම්, පක්‌ෂය දෙකඩ කරමින් අලුත් පක්‌ෂ හදන තැනකට ඔබ ඇතුළු කණ්‌ඩායම ගමන් කරමින් සිටින්නේ ඇයි…?

පිළිතුර – පක්‌ෂය කියන්නේ බෝඩ් එකවත්, මුලස්‌ථානයවත් නෙමෙයි… පක්‌ෂය කියන්නේ සාමාජිකයා. බහුතර සාමාජිකයාගේ මතය සමඟයි, මගේ දේශපාලන ගමන තියෙන්නේ. පක්‌ෂ කැඩුවේ ජනාධිපතිවරයා.

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රීලනිපය එකතු කිරීම සඳහා සූදානමක්‌ පවතින බව කියවෙනවා. ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ සෑදීම සඳහා ජනාධිපතිතුමා සූදානම් බවත්, මහින්ද රාජපක්‌ෂ මහතා වෙත ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තනතුරක්‌ ලබාදීමට කටයුතු සූදානම් බවටත් ආරංචි පැතිරී යනවා. පක්‌ෂය එක්‌ කිරීම සඳහා ඔබට අවශ්‍ය නම්, ජනාධිපතිවරයාගේ එම ක්‍රි්‍රයා මාර්ගය සඳහා ඔබ ඇතුළු පිරිස සහයෝගය ලබා නොදෙන්නේ ඇයි…?

පිළිතුර – ඔහොම සාකච්ඡාවක්‌ කොහේද තිබ්බේ… මම ඒකාබද්ධ විපක්‌ෂයේ කැඳවුම්කරු මම නම් එහෙම දෙයක්‌ දන්නේ නැහැ. මම ඒ ගැන මහින්ද මහත්තයාගෙන් ඇහැව්වා. එතුමා එහෙම සාකච්ඡාවක්‌ ගැන දන්නෙවත් නැහැ. 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපිව රැවැට්‌ටුවා. අපි වෙනම ඉල්ලන්න හදද්දී, පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඇවිල්ලා, එකට තරග කරමු, මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්න කියලා කිව්වා. මහින්ද මහත්තයා දිනන බව දන්න නිසා, මෛත්‍රි්‍රපාල මහත්තයා මොකද කළේ…? පක්‌ෂයේ ලේකම්වරු අයින් කරලා, අගමැතිකම දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කිව්වා. මේ නිසා අපේ පාක්‌ෂිකයෝ ඡන්ද පොළට ආවේ නැහැ. බැරි වෙලා අපි වෙනම ඉල්ලුවා නම්, ශිල්‍රනිපයෙන් මන්ත්‍රීවරු අතළොස්‌සයි එන්නේ. මහින්ද මහත්තයා නිසා තමයි, මෙච්චර මන්ත්‍රීවරු පිරිසක්‌ පක්‌ෂයෙන් පත්වුණේ. මැතිවරණයක්‌ කිට්‌ටු වෙන කොට පක්‌ෂය එකතු කරනවා, කියලා ඒගොල්ලෝම කියන්න පටන් ගන්නවා. හැබැයි අපි දැනුවත්ව නම්, එහෙම කිසිම සාකච්ඡාවක්‌ මේ වෙනතෙක්‌ පවත්වලා නැහැ. මේ එජාප ශ්‍රීලනිප හවුල් ආණ්‌ඩුව පෙරලන එක තමයි අපේ ඉලක්‌කය. පක්‌ෂයේ නම නෙමෙයි වැදගත් පක්‌ෂයේ ප්‍රතිපත්තිය.

ප්‍රශ්නය – ඔබ ඇතුළු පිරිස එජාප විරෝධීන් විදිහට වැඩ කටයුතු කරන බව පෙන්නුවත්, මේ වැඩ වල අවසන් වාසිය අත්විඳින්නේ එජාපය බව ඒකාබද්ධ විපක්‌ෂයට තේරෙන්නේ නැත්තේ ඇයි…?

පිළිතුර – අද ආණ්‌ඩුව කියන්නේ ශ්‍රීලනිප සුළු පිරිසක්‌ සමඟ එජාපය, දෙමළ සන්ධානය, ජවිපෙ ඇතුළු පිරිස ගෙනියන ආණ්‌ඩුවක්‌. මෛත්‍රිපාල ජනාධිපතිතුමාට අද මිනිස්‌සු බණින හැටි බලන්න. රනිල් වික්‍රමසිංහට බණින හැටි බලන්න. අපි බෙදලා නැහැ. මිනිස්‌සු අද බෙදාගෙන ඉවරයි. මිනිස්‌සු ආණ්‌ඩුව කියන්නේ හංසයා සන්ධානයට. අපි ඒකේ නැහැ. අපි තමයි විපක්‌ෂය.

ප්‍රශ්නය – ඔබට එරෙහිව දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. ව්‍යාපාරයක්‌ සම්බන්ධව එක චෝදනාවක්‌ තිබෙනවා. අනිත් චෝදනාව තිබෙන්නේ, සති පොළවල් ඉදිකිරීම සම්බන්ධයෙන්. මේ චෝදනා විභාග කරන කොට ඔබත් ඉබේම නිහඬ වෙයි නේද…?

පිළිතුර – මට චෝදනා ඉදිරිපත් කළානේ… ඒක පුද්ගලික ව්‍යාපාරයක්‌… පුද්ගලික ඉඩමක්‌… ඒගොල්ලෝ පෙන්නන්න හැදුවේ, රජයේ ඉඩමක්‌ කියලයි. මට උසාවියෙන් චෝදනා පත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ පොදු දේපළ පනත ගැන සඳහනක්‌ නැහැ. බැණ තර්ජනය කිරීම, මුදල් ලබා ගැනීම පිළිබඳවයි චෝදනා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු අපි කරගෙන යනවා. නඩුව අවසන් වෙනකොට කවුද නිවැරදි කියලා රටේ ජනතාව දැන ගනියි. පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවේදී මාව හිරේට දාන්න තමයි මේ බොරු චෝදනා ගොනු කළේ. ඒකාබද්ධ විපක්‌ෂයේ හඬ නඟන අයට විරුද්ධව ඔහොම පළිගැනීම් කරනවා. මම සංවර්ධන ව්‍යාපෘති කළාට මහ ඇමැතිවරයා ලෙස අපි ප්‍රතිපත්ති තීන්දු ගත්තා විතරයි. ඒ සඳහා අනුමැතිය දෙන්නේ සැලසුම් දෙපාර්තමේන්තුව. ඇස්‌තමේන්තු හදන්නේ ඒ සඳහා නිපුණතාවය තියෙන නිලධාරීන්. ඒ සඳහා විනිවිදභාවයෙන් ටෙන්ඩර් දාලා තියෙනවා. ඒ සඳහා තෝරා ගන්නේ, ටෙන්ඩර් මණ්‌ඩලය. ඒ අයට බලපෑම් කරලා තියෙනවාද කියලා, සාක්‌ෂි විභාග කරන්න කියලා, මම බය නැතුව කියනවා. එහෙම කරල නම් ඕනෑම තීන්දුවක්‌ ගන්න. සති පොළ සඳහා මුදල් ලබා දුන්නේ ප්‍රාදේශීය සභාව සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය. මේකට මගේ හෝ පළාත් සභාවේ කිසිම සම්බන්ධයක්‌ නැහැ. සමහර විද්යුqත් මාධ්‍ය මේ වගේ දේවල්, මට විරුද්ධව කියනවා. මගේ මුහුණු පොතේ මේ ගැන, සම්පූර්ණයෙන් මම පිළිතුරු ලබාදී තිබෙනවා.

ප්‍රශ්නය – ගෝල්පේස්‌ පිටියට මැයි දිනයේ පැමිණෙන පිරිස එන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය වටකරන්න කියලා ඔබ සඳහන් කළා. ඒ කියන්නේ මෙවර මැයි දිනයේ ඒකාබද්ධ විපක්‌ෂයේ තේමාව මෛත්‍රිපාලට එරෙහිවීම කියන එකද…?

පිළිතුර – මේ සියලු ප්‍රහාර මට එල්ල වෙන්නේ ඒක කිව්වට පස්‌සේ. මම අදටත් ඒක කියනවා. මේ කතාවට එක මාධ්‍ය ආයතනයක්‌ මට පහර ගහනවා. ඒකට ජනාධිපතිතුමා ගාව ඉන්න ඒ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියෙක්‌ සම්බන්ධයි. නම් අහන්න එපා, අපේම කට්‌ටියකුත් එක්‌ක එකතුවෙලා තමයි මේ මඩ ප්‍රචාරය කරගෙන යන්නේ. ප්‍රසන්න රණතුංග රටේ මතයක්‌ හදන නිසා, මට ගහලා විනාශ කරලා දාන්න ඕනේ කියලා, ඒ අය තීන්දුවක්‌ අරගෙන තියෙනවා.

Read more

ඒකාබද්ධ 51ම මැයි 01 ගෝල්ෆේස් පිටියට!

April 30 2017 , Written by lankatime

ඒකාබද්ධ 51ම මැයි 01 ගෝල්ෆේස් පිටියට!

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වන මැයි රැලිය සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෑම මන්ත්‍රිවරයෙකුම සහභාගි වන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ පවසනවා. (27) බත්තරමුල්ල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සැබෑම ශ්‍රිලනිප මැයි රැලිය පැවැත්වෙන්නේ ගාලු මුවදොරදී බවත්, එය වැඩකරන පන්තිය වෙනුවෙන් පවත්වන දැවැන්තම මැයි දින රැලිය බවයි ඔහු සදහන් කලේ. ශ්‍රිලනිප නියෝජනය කරන මන්ත්‍රින් ගෝල්ෆේස් මැයි රැලියට සහභාගි වුවහොත්, විනය ක්‍රියාමාර්ග ගන්නා බවට පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කලද ඒ සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවයි ඔහු පැවසුවේ.මීට පෙර අවස්ථා ගණනාවකදීම දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කලද ඔහුට කල හැකි දෙයක් නොමැති බවත් අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශ සදහා බිය නැති බවද ඔහු සදහන් කළා.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු 51 න් 50 දෙනෙකුම ඒකාබද්ධ විපක්ෂයේ ගෝල්ෆේස් මැයි දින රැලිය සදහා සහභාගි වන බවත්, දුමින්ද දිසානායකගේ මේ අභියෝගයට මුහුණ දීමට අප සූදානම් බවද ඔහු කියා සිටියා.

වාසුදේව මන්ත්‍රිවරයා මේ වන විට විදෙස්ගතවී ඇති බැවින් මැයි දින රැලිය සදහා ඔහුගේ සහභාගීත්වය අපේක්ෂා නොකරන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළා.

ශ්‍රිලනිප ප්‍රධානතම මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන බවත් ඒ සදහා සහභාගි නොවී ගෝල් ෆේස් මැයි දින රැලිය සදහා සහභාගි වන මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුමින්ද දිසානායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු මේ බව කියා සිටියා.

Read more

මහින්ද නෙරපයි! වෙල්ගම ප්‍රසන්න විදුර මහින්දානන්දත් එළියට!

April 30 2017 , Written by lankatime

මහින්ද නෙරපයි! වෙල්ගම ප්‍රසන්න විදුර මහින්දානන්දත් එළියට!

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බව හෙතෙම පැවැසීය.තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද දිසානායක මහතා සිහිපත් කළේය.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්‌ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ සංවිධානය කරන මැයි දින රැලියකට මහින්ද රාජපක්‌ෂ මහතා හෝ මන්ත්‍රීවරයෙක්‌ සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බව හෙතෙම වැඩිදුරටත් කීය.

D N

Read more

மே தின ஊர்வலங்களுக்காக செல்லும் அரசியல் கட்சிகளுக்கு 7,000 தனியார் பஸ்கள்!

April 30 2017 , Written by lankatime

මැයි දින දේශපාලන පක්ෂ හා පෞද්ගලික බස් රථ 7000 ක් පාගමන්!

මැයි දින දේශපාලන පක්ෂ හා පෞද්ගලික බස් රථ 7000 ක් පාගමන්!

மே தின ஊர்வலங்களுக்காக செல்லும் அரசியல் கட்சிகளுக்கு 7,000 தனியார் பஸ்களை வழங்குவதற்கு தயாராகவுள்ளதாக இலங்கை தனியார் பஸ் உரிமையாளர்கள் சங்கம் தெரிவித்துள்ளது.

ஐக்கிய தேசியக் கட்சியே அதிகமான பஸ்களைக் கோரியுள்ளதாக அச்சங்கத்தின் தலைவர் கெமுனு விஜேரத்ன தெரிவித்துள்ளார்.

இதுதவிர அரசியல் கட்சிகள் மற்றும் குழுக்களினால் சுமார் 5,000 பஸ்களுக்கு கட்டுப்பணம் செலுத்தியுள்ளதாக இலங்கை போக்குவரத்துச் சபை அறிவித்துள்ளது.

எதிர்வரும் மே தினத்தில் சுமார் 16 கூட்டங்கள் நடைபெறவுள்ளதாகவும் இதில் 15 கூட்டங்கள் கொழும்பில் நடைபெறவுள்ளதாகவும் மேலும் தெரிவிக்கப்படுகின்றது

Read more

පිරිස් අනාවැකි කියනවා!

April 30 2017 , Written by lankatime

පිරිස් අනාවැකි කියනවා!

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සිය මැයි රැළිය සඳහා ඇතැම් පිරිස් අනාවැකි පළ කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (28) කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සදහන් කලේය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිදහස් පාක්ෂිකයන් අකමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහනුවර – ගැටඹේ ප්‍රදේශයේ (28) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.

Read more
1 2 3 4 5 6 7 8 9 10 > >>