ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්!
Published on May 1 2017
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. වැඩබිම, මව්බිම, ගොවිබිම, සුරකින අරගලය යන මැයෙන් මෙවර ඒකාබද්ධ විපක්ෂය මැයි රැළිය සංවිධාන කර තිබුණා.
මැයි රැළියට සමගාමීව ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය කොම්පඤ්ඤවීදිය මං සන්ධියෙන් ආරම්භ වුණා.
ඉන් අනතුරුවයි කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා පැමිණ එම පිරිස ගාලුමුවදොර පිටිය වෙත ළඟා වූයේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද ඊට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මැයි දින රැළියට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් රජය රටේ ජාතික සම්පත් විකුණමින් සිටින බවට චෝදනාවක් එල්ල කළා.
/image%2F1796264%2F20220922%2Fob_7c6c36_3nbqqbo1-400x400.jpg)
