අද අපි ඔබව පිළිගන්නේ හිටපු ජනාධිපති ලෙස නොව යුද්ධයක් අවසන් කල
Published on June 3 2017
ජපාන පාලක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් හා ජපාන නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සභික, වෙළද හා ආර්ථික අමාත්‍ය ටෝශිහිරෝ නිකායි (Nikai Toshihiro) මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් ජුනි 01 වෙනිදා සවස ටෝකියෝ ලිබරල් පක්ෂය ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සාමය සහ සංවර්ධනය පිළිබඳව තම සතුට පළ කළ අමාත්‍යවරයා, එදා රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ සුවිසල් සංවර්ධනය ඉතා විශ්මිත බව කියා සිටියේය. මෙහිදී එතුමා, ශ‍්‍රී ලංකාවේ ගැටුම් අවසාන වීමෙන් පසු අත්කර ගෙන ඇති සංවර්ධනය ප‍්‍රශංසාවට ලක් කළේය.
ඒ වගේම එදා සත්ත්ව උද්‍යාට අලි පැටවුන් දෙදෙනෙකු ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත නැවතත් ස්තූතිය පළ අතර එය ජපන් ජනතාවත් ශ්‍රී ලාංකීය ජනතාවත් අතර පවතින බැදීම තවත් දැඩි කිරීමට ගත් නිවරදි තීරණයක් බව ටෝශිහිරෝ මහතා පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානය එදා ලබාදුන් සහයෝගයට සහ අද ලබාදෙන සහයෝගයට ස්තුති කළ හිටපු ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, පසුගිය තම පාලන කාලයේදී සියලුම අංශයන්හි ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැකබලා ගැනීමට ලෝක නායකයන් හා ජනතාව ශ‍්‍රී ලංකාවට පැමිණිය යුතු බව ද පැවසීය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වෙනුවෙන් සිදු කෙරුණු දැවැන්ත ආයෝජනයන් අතර පේරාදෙණිය රෝහල, ජයවර්ධනපුර රෝහල, වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දිය හැකි අතර ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ජපාන රජයේ පරිත්‍යාගය අදටත් ලාංකික ජනතාව ඉතා අගය කරන බව පවසන ලදී. ඒ වගේම ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අතර ඉහළ කොත්මලේ විදුලිබලාගාර ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ද සමනළ වැව හා කුකුලේගඟ ව්‍යාපෘති හා කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය හා ටෙලිකොම් ව්‍යාපෘති හා දුම්රිය මාර්ග පාලම් හා මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති ද අනිවාර්යෙන් මතක්කල යුතු බව හිටපු ජනාධිපති සඳහන් කළේය.
අද ලංකාවේ ගංවතුරින් විශාල ජනකොටසක් පිඩාවට ලක් වී ඇති බව සදහන් කළේය. එවන් මොහොතක 2011 දී සිදු වූ භූමි කම්පා හා සුනාමි ව්‍යසන අවස්ථාවල දී ලබා දුන් සහයෝගයට රාජපක්ෂ ජනාධිපතිතුමාට සිය කෘතඥතාව පළ කළ ටෝශිහිරෝ මැතිතුමා ව්‍යසනයෙන් අනතුරුව බොහෝ රටවල් සිය තානාපතිවරුන් ජපානයෙන් ඉවත් කර ගත්ත ද ශ‍්‍රී ලංකාවේ තානාපතිවරු අඛණ්ඩව තම රටේ රඳවා තැබීමට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පියවරගත් අතර, ජපානය සමඟ ශ‍්‍රී ලංකා ගුවන්ගමන් නතර නොකළ බව ද සිහිපත් කළේය. “ජපාන ජනතාවට ඔබගේ සහයෝගය මහත් දිරියක් වී යැයි” ද ටෝශිහිරෝ මැතිතුමා පැවසීය. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව තමාට අවබෝධයක් ඇතැයි පැවසූ ටෝශිහිරෝ මැතිතුමා ඉදිරියටත් ඔබ ලාංකික ජනතාවට නායකත්වය දෙමින් ශ‍්‍රී ලංකාවට කැපී පෙනෙන ප‍්‍රතිඵල අත්කර ගැනීමට පුරෝගාමී වන බවට තමා විශ්වාස කරන බව ද පැවසීය. අද අපි ඔබව පිළිගත්තේ හිටපු ජනාධිපති ලෙස නොව වසර 30 යුද්ධයක් අවසන් කල විශිෂ්ඨ නායකයකු ලෙස බව ටෝශිහිරෝ මැතිතුමා අවධාරණය කළේය.
එ.ස.නි.ජ. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී පියල් නිශාන්ත, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී රොෂාන් රණසිංහ, උදිත ලොකුබණ්ඩාර යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
උදයංග වීරතුංග
/image%2F1796264%2F20220922%2Fob_7c6c36_3nbqqbo1-400x400.jpg)




