අද පෙරවරු 08 සිට වෛද්‍ය වර්ජනයක්

Published on June 22 2017

අද පෙරවරු 08 සිට වෛද්‍ය වර්ජනයක්
අද (22දා) පෙරවරු 8.00 සිට වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.
සයිටම් විරෝධී සිසුන්ට ඊයේ (21දා) එල්ල කරනලද පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීමට සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල්කර ගනිමින් මතු වී ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය කැඳවන ලද බව එම සංගම පවසයි.
කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනය පැවැතියද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද එම සංගමය කියයි.
එසේ අද මධ්‍යාහ්න 12.00 ට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන අතර වර්ජනය කොතෙක් කාලයකට බලපැවැත්වෙන්නේද යන්න සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග එම හමුවේදී තීන්දු කෙරෙන බවද පැවසේ.
සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ (21දා) විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ.
සිසුන් පළවා හැරීමට පොලිස් කරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබිණු අතර, මෙහිදී සිසුන් විසිරුවීමේදී තුවාල ලැබූ 96 දෙනෙකු ඊයේ (21)රෝහල් ගත කර තිබුණි.

Written by lankatime

Repost0
To be informed of the latest articles, subscribe:
Comment on this post