පෙරළියක පෙරනිමිති පෙනේ ! නියෝජ්‍ය, රාජ්‍ය ඇමති 08ක් මහින්දගේ නිවසේ !

Published on July 7 2017

පෙරළියක පෙරනිමිති පෙනේ ! නියෝජ්‍ය, රාජ්‍ය ඇමති 08ක් මහින්දගේ නිවසේ !

ශ්‍රීලනිප නියෝජ්‍ය හා රාජ්‍ය අැමතිවරුන් අට දෙනෙකු අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට වාර්තා පලවෙයි.

මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන බවත් ඊට පෙර මෙම පිරිස 05 වැනිදා රාත්‍රියේ සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මුණගැසී සාකච්චා කර ඇත.

තම අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර රට තුල ඇති ආණ්ඩු විරෝධය ගැනත් තනි ආණ්ඩුවක් නැතිව ජනතාව දුක්විඳින බවත් පෙන්වා දී ඇත.

ලක්ෂමන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික බණ්ඩාරනායක, සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, සාරතී දුෂ්මන්ත යන පිරිස මෙම අවස්ථාවට එක්ව ඇතැයිද සදහන්ය.

ශ‍්‍රීලනිප නියෝජ්‍ය හා රාජ්‍ය අැමතිවරුන් අට දෙනෙකු අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට වාර්තා පලවෙයි. මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන බවත් ඊට පෙර මෙම පිරිස 05 වැනිදා රාත්‍රියේ සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මුණගැසී සාකච්චා කර ඇත.

තම අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර රට තුල ඇති ආණ්ඩු විරෝධය ගැනත් තනි ආණ්ඩුවක් නැතිව ජනතාව දුක්විඳින බවත් පෙන්වා දී ඇත. ලක්ෂමන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික බණ්ඩාරනායක, සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, සාරතී දුෂ්මන්ත යන පිරිස මෙම අවස්ථාවට එක්ව ඇතැයිද සදහන්ය.

Written by lankatime

Repost0
To be informed of the latest articles, subscribe:
Comment on this post