එ.ජා.ප. මන්ත්රී දෙපළගේ ගුටි කෙළිය නූලෙන් වළකී.වීඩියෝ සහිතයි
කළුතර දිසා ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ පැවැති කළුතර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න හා බස්නාහිර පළාත් සභා මන්ත්රී ජගත් පින්නගොඩවිතාන යන මහත්වරුන් අතර වචන හුවමාරුවක් දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක තත්ත්වයකට ළංවූ අතර ඒ හේතුවෙන් රැස්වීම අතරමග නතර කර තැබිමට එහි සම සභාපති ඇමැති මහින්ද සමරසිංහ මහතාට සිදුවිය.