Overblog
Follow this blog Administration + Create my blog
Lankatime   ලංකා වේලාව

විද්‍යා ඝාතන නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ අද සිට විභාගයට

June 28 2017 , Written by lankatime

2015 මැයි 12දා පුන්කුඩුතිව් හි දී ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය සිදු කර ඝාතනය  කිරීම සම්බන්ධ නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (28) යාපනය මහාධිකරණයේ දී ආරම්භ වෙයි.  මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් එලන් චෙලියන් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වෙති.  අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මැයි 22 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් ක‍ළේය.  මේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසට නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.  වැඩබලන නීතිපති ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පී. කුමාරරත්නම් සහ රජයේ අධිනීතිඥ එන්. නියාස් මහත්වරු සහ රජයේ අධිනීතිඥ ජයලක්ෂි සිල්වා සහ රජයේ අධිනීතිඥ මාදිනී විග්නේෂ්වරන් මහත්මීහු පැමිණිල්ල මෙහෙයවනු ලැබයි.  විද්‍යා දැරිය පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, සමූහ ස්ත්‍රී දූෂණයට කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ජනරාශිය ඇතුළු ‍චෝදනා හතළිස් එකක් විත්තිකරුවන් නමදෙනාට එරෙහිව ගොනු කර තිබේ.  (DE සිල්වා)

Read more

තැපැල් වර්ජනය ඇරඹෙයි!

June 27 2017 , Written by lankatime

පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනය ආරම්භ කරන ලදි.  තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසා සිටියේ විසි පන්දහසකට ආසන්න තැපැල් සේවකයින් පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටින බවයි.  තැපැල් කටයුතු ඇන හිටීම වෙනුවෙන් සිදුවන අපහසුතාවන් පිළිබඳව ඔහු කරුණු දැක් වූ අතර එහිදී ඔහු සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් සමස්ත රටේම අර්බුධ රැසක් මතුවෙන බවයි.  කෙසේ වෙතත් තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් පවසා සිටියේ අත්‍යවශ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක කිරීමට සිය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.

වටිනාකම කිව නොහැකි රන් තොගයක් අල්ලයි!

June 27 2017 , Written by lankatime

වටිනාකම කිව නොහැකි රන් තොගයක් අල්ලයි!
බැංකොක් සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ වටිනාකම ගණනය කළ නොහැකි රන් ආබරණ තොගයක් සමග බණ්ඩාරගම ව්‍යාපාරිකයෙක් ගුවන්තොටුපොළ රේගුව අද (27) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තා පාහවහන් බෑගයක පතුලේ සඟවා තිබූ රන් ආබරණවල මැණික් හා දියමන්ති ඔබ්බවා ඇතැ බවත් එහෙයින් එම තොගයේ වටිනාකම ගණනය කළ නොහැකි යැයි ද රේගු ආරංචි මාර්ග පවසයි. ගුවන්තොටුපොළ රේගුවෙන් අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමක් ඇති රන් ආබරණ තොගය මෙය බව සැලකෙන බවද පැවසේ.
Read more

Packistan’s Jinnah Scholarship to SL Students

June 24 2017 , Written by lankatime

Packistan’s Jinnah Scholarship to SL Students
Quaid-e- Azam Mohammad Ali Jinnah is the founder of Pakistan. The Government of Pakistan through its High Commission in Sri Lanka has awarded scholarships to 170 bright Sri Lankan students of O’ & A’ levels under prestigious Jinnah Scholarship programme worth SL Rs. 4.225 million.
The award ceremony was held in a local hotel in Colombo. Vice Chancellor Buddhist & Pali University Ven. Prof. Gallelle Sumanasiri Thero was the Chief Guest along with State Minister for National Integration and Reconciliation Hon. A.H.M. Fouzi and President Sri Lanka-Pakistan Friendship, Trade and Investment Association, Mr. Ifthikhar Aziz as Guests of Honour.  Acting High Commissioner of Pakistan, Dr. Sarfraz Ahmed Khan Sipra, officials of the High Commission and dignitaries from different walks of life attended the ceremony besides a large number of students and their families. The Chief Guest as well as the Acting High Commissioner of Pakistan Dr. Sarfraz Sipra addressed the gathering.
These scholarships are awarded on the basis of a strict criteria involving merit and need for financial assistance. Under the programme, each successful student receive.
Read more

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනේ

June 23 2017 , Written by lankatime

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනේ
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ  පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
එසේම ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු  පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවච පැවසේ.
Read more

மகாநாயக்க தேரர்களின் ஆலோசனைகளுக்கு ஏற்ற செயற்படுவேன் – ஞானசார தேரர்

June 23 2017 , Written by lankatime

மகாநாயக்க தேரர்களின் ஆலோசனைகளுக்கு ஏற்ற செயற்படுவேன் – ஞானசார தேரர்

மகாநாயக்க தேரர்களின் ஆலோசனைகளுக்கு ஏற்ற வகையில் செயற்படுவேன் என பொதுபல சேனா அமைப்பின் பொதுச் செயலாளர் கலகொட அத்தே ஞானசார தேரர் தெரிவித்துள்ளார்.

தமது கருத்துக்கள் தொடர்பில் அஸ்கிரி பீடாதிபதி கவனம் செலுத்தியுள்ளார் என தெரிவித்த தேரர், அஸ்கிரி பீடாதிபதி தமது கருத்துக்கள் குறித்து கவனம் செலுத்தியமை பெரு மகிழ்ச்சி அளிப்பதாகவும் எதிர்வரும் காலங்களில் மகாநாயக்க தேரர்களின் ஆலோசனைகள் அறிவுறுத்தல்களுக்கு அமைய செயற்பட உள்ளதாகவும் அவர் மேலும் தெரிவித்துள்ளார்.

Read more

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරෙහි ලාහොර් ප්‍රහාරයේ සැකකරුවන් 02ක් මුදා හැරේ

June 23 2017 , Written by lankatime

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරෙහි ලාහොර් ප්‍රහාරයේ සැකකරුවන් 02ක් මුදා හැරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පකිස්ථානයේ ලාහෝර් නුවරදී 2009 වසරේ මාර්තු මස තුන්වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් දෙදෙනෙකු මුදා හැරීමට එරට අධිකරණයක් නියෝග කර ඇති බව පුවත් වාර්තා පවසයි.
ඊබ්‍රහිම් කලීල් සහ ඔබයිදුල්ලා නැමැති අදාළ සැකකරුවන් දෙදෙනාට එල්ල වී තිබූ චෝදනා සනාථ කිරීමට අසමත් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව පැවසේ.
අදාළ ප්‍රහාරය සිදුකල ත්‍රස්තථවාදීන්ට අවි ආයුධ සැපයීම සහ පුහුණුව ලබාදීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ බවත් සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය බලා ගමන් කරමින් සිටියදී එල්ල වූ මෙම ත්‍රස්ථ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් හත් දෙනෙකු තුවාල ලැබීය.
සිද්ධියට අදාළව සැක කරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සැලකෙන මලික් ඉෂාක් නැමැති සැකකරු 2015 වසරේ ජුලි මාසයේදී පකිස්ථාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වු බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණී.
Read more

සයිටම් ප්‍රහාරයෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කළේ නැහැලු!

June 22 2017 , Written by lankatime

සයිටම් ප්‍රහාරයෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කළේ නැහැලු!
සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබූ අතර තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබූ අතර කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි.
Read more

ෆිට්නස් ටෙස්ට් එකෙන් පස්සේ මහේල ට්විටර් දැමූ ෆොටෝ එක.. (ඡායාරූප)

June 22 2017 , Written by lankatime

ෆිට්නස් ටෙස්ට් එකෙන් පස්සේ මහේල ට්විටර් දැමූ ෆොටෝ එක.. (ඡායාරූප)
එළැඹෙන සිම්බාබ්වේ තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාවය මැන බලන පරීක්ෂණය ඊයේ 21 පැවැත්වුණ අතර ක්‍රීඩකයින් 28 දෙනෙකු මෙම පරීක්ෂණය සඳහා සහභාගී තිබේ.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණයෙන් පළමු තැන ලබාගැනීමට සමත් වූයේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වන අතර දෙවන ස්ථානය ලැබී තිබුණේ ලසිත් මාලිංග හටය.
තරුණ ක්‍රීඩකයින් රාශියක් සිටින කණ්ඩායමක පළමු හා දෙවන ස්ථාන මාලිංග හා කුලසේකරට ලැබීම සුවිශේෂ වන අතරම මෙම පරීක්ෂණයෙන් පසුව ලබාගත් මාලිංගගේ හා කුලසේකරගේ ඡායාරූපයක් මහේල ජයවර්ධනගේ නිළ ට්විටර් ගිණුමේ පලකොට තිබුණි.
මහේල ජයවර්ධන ට්විටර් ගිණුමේ පලකොට තිබූ ඡායාරූප හා සටහන පහතින්..

Read more
1 2 3 4 5 6 7 8 > >>