Overblog
Follow this blog Administration + Create my blog
Lankatime   ලංකා වේලාව

අමෙරිකාවේ කෞතුකාගාරයක් ඇරඹූ ශ්‍රී ලාංකීක තරුණිය මෙන්න.. (වීඩියෝ)

May 31 2017 , Written by lankatime

අමෙරිකාවේ කෞතුකාගාරයක් ඇරඹූ ශ්‍රී ලාංකීක තරුණිය මෙන්න.. (වීඩියෝ)
ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට එරට ජීවත්වන ශ්‍රී ලාංකීක තරුණියක් වන 18 හැවිරිදි ජූලියා විජේසිංහ නම් සොදුරු යුවතිය කටයුතු කර තිබේ.
උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දැඩි ඇල්මක් දක්වන බවත් වාර්තා විය.
එසේම ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමණ කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙක්ද වේ.
සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙන අතර ලොව පුරා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් රැසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව ද වාර්තා වේ.
සිය දෙමව්පියන්ගේ සහාය ලබාගනිමින් වසර කිහිපයක් පුරා ඇය මේ සංස්කෘතික සහ කලා කෞතුකාගාරය අවැසි දෑ එකතුකරගෙන ඇති අතර සර්ව ආගමික ආශිවාදයන් සහ සෙත් පිරිත් සජ්ජායනයන් මැද මෙම කෞතුකාගාරය විවෘත කල ආකාරය දැක්වෙන වීඩියෝවක්, කෞතුකාගාරයේ සහ ජූලියාගේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
වීඩියෝව පහතින්..

2

1

3

8

6

7

4

 

Read more

අනුර යාපා, ඉල්ලා අස්වෙන්න!

May 31 2017 , Written by lankatime

අනුර යාපා, ඉල්ලා අස්වෙන්න!

අහිංසක පුංචි දරුපැටව් මැරිලා පා වෙනව. ඇමතියා පිටරට සවාරි ගහනවා. අහිංසක දුප්පත් මිනිස්සු පස් යට මැරිලා. ඇමතියා මෙක්සිකෝවේ හෝටල් වල සැප ගන්නවා. ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා, කන්න නැතුව, බොන්න වතුර නැතුව ලෙඩ වෙලා. ඇමතියා ආපදා වලක්වන හැටි ගැන ලෝකෙට දේශනා කරනවා. ගං වතුර ගලල දවස් 5 කට වැඩියි. ඇමතියා හරි නම් දැනගත්ත ගමන් තමන්ගේ රටට එන්න ඕන. මෙවන් ඇමතිවරු කුමටද? අනුර, වහාම ඉල්ලා අස් වෙන්න.

පසුගිය වසරේ ගං වතුර ගලල අවතැන් වෙච්ච මිනිස්සු තාමත් කඳවුරු වල. දවස් 365 ක් යනකන් බැරි වුනා 2017 ගං වතුරට ලෑස්ති වෙන්න.

  • රජයෙන් කිසිම පෙර සූදානමක් තිබුනේ නැහැ
  • ජනතාව හරියට දැනුවත් කළේ නැහැ
  • ඉවත්වෙන්න කිව්වට, කොහෙටද යන්නේ කියල කිව්වේ නැහැ
  • ගං වතුරට මුහුණ දෙන්න අවශ්‍ය පිරිස් සහ සම්පත් ලෑස්ති කරලා තිබුනේ නැහැ
  • ආපදා වැළැක්වීමට කිසිම ප්‍රායෝගික සැලැස්මක් හදල නැහැ
  • උනාට පස්සේ සල්ලි වෙන් කරලා වැඩක් නැහැ
  • ආපදා කළමනාකරණය අන්තිමට කරන්නෙ පෞද්ගලික ජනතාව නම් ඇමතියෙක් මොකටද?

මියගිය දරුවන්ගේ පිවිත වලට විෂය භාර ඇමතිවරයා හැටියට ඔයා වග කියන්න ඕනා. අපේ සල්ලි වලින් පඩි ගෙවල, වාහන අරන් දීල, නඩත්තු කරන්නේ නිකම් කකා බිබී ඉන්න නෙවෙයි. විනාසයක් වෙන්න කලින් ඒකෙ බලපෑම අඩු කරගන්න ක්‍රියාත්මක වෙන්න ඔයාට බැරි උනා.

අනුර, ඔයා අන්තිම අසාර්ථකයි. තමන්ගේ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරි වුනා. අඩුම තරමේ ඒ මිනිස්සුන්ගේ දුක අහන්න එන්න බැරි උනා. ඔයාට ලංකාවට වැඩිය, මෙක්සිකෝව ලොකු උනා. ඔයා දැන්ම ඉල්ලා අස්වෙන්න. අස්වෙලා මෙක්සිකෝවේ නතර වෙන්න.

Read more

ශෂි වීරවංශගේ නඩු භාණ්ඩ අස්ථානගත වී නෑ!

May 31 2017 , Written by lankatime

ශෂි වීරවංශගේ නඩු භාණ්ඩ අස්ථානගත වී නෑ!
ශෂි වීරවංශ මහත්මියට එරෙහිව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව අදාළ නඩු දෙකකට අදාළව නඩු භාණ්ඩ වු ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථානගත වී ඇති බව මීන් පෙර හෙළි  වු කරුණු අසත්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා  අද (31) සඳහන් කළේය.
එම නඩු භාණ්ඩ  සාමාන්‍යයෙන් නඩු භාණ්ඩ බන්ධනාගාර භාරකරු සන්තකයේ පවතින බවත් නඩු විභාගයේ දී නඩු භාණ්ඩ අවශ්‍ය වු විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාගෙන් ඉල්ලීමක් කළ යුතු බවත් මහේස්ත්‍රාත් වරයා පැහැදිලි කළේය.
නමුත් පෙර නඩු දිනයේදි එලෙස ඔහුගෙන් ඉල්ලා නොමැති බවත් එම ඉල්ලීම කර ඇත්තේ කොළඹ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියගෙන් බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
එ අනුව එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අතින් සිදුවු අතපසු වීමක් බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාර තුලින් මහජනතාව කෙරෙහි අධිකරණ පද්ධතිය තුළ ඇති විශ්වාසය පළුදු වන බවත් නැවත එම වරද සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
Read more

ඥාණසාර හිමීයෝ අදත් අධිකරණයට නොවඩිති!

May 31 2017 , Written by lankatime

ඥාණසාර හිමීයෝ අදත් අධිකරණයට නොවඩිති!

බොදු බල සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව අධිකරණයේ කටයුතු වලට බාධා කළැයි නීතිපතිවරයා විසින්  අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම අද (31) කැඳවනු ලැබීය.

මෙහිදි උන්වහන්සේ අසනීපව රෝහල් ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බව  ඥාණසාර හිමියන් නීතීඥවරු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පවසා සිටියහ.

ඒ පිළිබඳ සලකා බලා නඩුව ලබන 12 වනදා යළි කැදවීම අභියාචනාධිකරණය අද තීරණය කළේය.

පසුගිය 24 වනදාද අදාල නඩුව  කැඳවවූ අවස්ථාවේදීද ඥාණසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පොරොන්දු වුයේ අද (31) දින වෛද්‍ය සහතිකද සමග උන්වහන්සේ අධිකරණට ඉදිරිපත් කරන බවයි.

Read more

කාබුල් නුවර පිපිරීමක් පුද්ගලයින් 50 ක් මරුට!

May 31 2017 , Written by lankatime

කාබුල් නුවර පිපිරීමක් පුද්ගලයින් 50 ක් මරුට!
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදුව පුද්ගලයින්  50 දෙනකු පමණ මියගොස් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
කාබුල් නගර මධ්‍යයයේ පිහිටි විදේශ තානාපති කාර්යාල සහ ජනාධිපති මන්දිරය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීහූ පවසති.
මෝටර් රථයක ඇටවූ බෝම්බයක් මෙම පිපිරීමට හේතුව වන්නට ඇතියි බලධාරීන් සඳහන් කරන බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.
Read more

Emergency Flood Relief From Israel!

May 31 2017 , Written by lankatime

Emergency Flood Relief From Israel!
The government of Israel has come forward to donate emergency flood relief to  Sri Lanka.
Israel Ambassador to Srilanka. Carmon delivered the supplies and the letter from President Reuven Rivlin to Foreign Minister Ravi Karunanayake at the Ministry of Foreign Affairs.
The emergency supplies provided by the Israeli Government include strong power generators, drinking water, high power light sources, and other emergency first response supplies.
The generators, which were in high demand, were immediately taken to the affected areas, which have sustained the worst damage by the floods and landslides in South Sri Lanka.
Read more

රජයේ ක්‍රියා කලාපය සැහීමකට පත් විය නොහැකියි!

May 31 2017 , Written by lankatime

රජයේ ක්‍රියා කලාපය සැහීමකට පත් විය නොහැකියි!
පවතින ආපදා තත්වය හමුවේ රජය ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව කළුතර ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ප්‍රදේශයක නිරීක්ෂණ චාරිකායකට එක්වෙමීන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවසීය.
ඔහු පවසන්නේ රාජ්‍ය සේවකයින් හට ජනතා සේවය සඳහා නිසි අවසරය ලබාදී නොමැති බවද මෙහිදි වැඩි දුරටත් අවධාරණය කළේය.
Read more

ශ්‍රී ලංකාවට වාර්ෂිකව දුන් ඇමරිකන් මූල්‍ය ආධාර 2018 සිට බිංදුවට බහී!

May 30 2017 , Written by lankatime

ශ්‍රී ලංකාවට වාර්ෂිකව දුන් ඇමරිකන් මූල්‍ය ආධාර 2018 සිට බිංදුවට බහී!

ශ්‍රී ලංකාවට නිදහසන් පසුව දිගටම ඇමරිකානු එක්සත් ජනපදය හරහා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක ආධාර ලබදුන් අතර ලබන වසර සිට එසේ ලබාදීමට නියමිතව තිබු ඇ.ඩොලර් මිලියන 42.5 එනම් රුපියල් මිලියන 6375 කි. එය ඇමරිකානු 2018 අයවැය යටතේ ඇමරිකන් කොන්ග්‍රසය විසින් ඇ.ඩොලර් 3.38 දක්වා කපා හැර ඇත. එනම් රුපියල් මිලියන 500 දක්වා එනම් 92% කිනි.

මෙසේ ලැබුණ ආධාර රටේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට යොදවා ඇත. එමෙන්ම 2015 ජනාධිපතිවරණයේ දි යහපාලනය ගෙන ඒමට අවශ්‍ය කණ්ඩායම් මෙන්ම සිවිල් සංවිධානයන් සඳහා අරමුදල් යූඑස් ඒඩ් USAID හරහා මුදල් ලබා දිමට ඇමරිකාව කටයුතු යොදා තිබුණි.

 

Read more

නවසීලන්තයෙන් රුපියල් මිලියන 30.8 ක අධාර!

May 30 2017 , Written by lankatime

නවසීලන්තයෙන් රුපියල් මිලියන 30.8 ක අධාර!
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් මිලියන 30.8ක් වටිනා ආධාර ලබාදීමට නවසීලන්ත රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය හරහා මෙම ආධාර විපතට පත් ජනතාව මෙත ලබාදීමට නියමිත බව සඳහන්.
ඉදිරියේදීත් ශ්‍රී ලංකවේ තත්ත්වය පිළිබසය අවධානය යොමුකර ආධාර ලබාදීමට කුටයතු කරන බවද නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය ගැරී බ්‍රවුන්ලි ප්‍රකාශ කර තබේ.
Read more
1 2 3 4 5 6 7 8 9 10 20 30 > >>