රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගර ගත කර සිටී ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඇප මත නිදහස් කිරීමට අධිකරණය අද (07) නියෝග කළා.
රු.50,000ක මුදල් ඇප හා රු. ලක්ෂ 5 බැගින්වන ශරීර ඇප දෙකක් මත සැකකාර මන්ත්‍රීවරයා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.
මෙම ශරීර ඇප දෙකින් එකක් ළඟම ඥාතියෙකු විය යුතු බවත්, මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනම් බැවින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා බවත් විනිසුරුවරුය දැනුම්දී තිබේ.
මීට පෙර අවස්ථා ගණනාවකදීම ඇප ඉල්ලීම් සිදුකරනු ලැබුවද අධිකරණය විසින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර ඊට එරෙහිව මන්ත්‍රීවරයා විසින් බන්ධනාගාර තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරත විය.
නමුත් විමල් වීරවංශගේ දියණියගේ සෞඛ්‍ය තත්වය සලකා බලමින් මන්ත්‍රිවරයාට ඇප ලබා දීමට අධිකරණය අද නියෝග කළා.
රජයේ වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි මන්ත්‍රීවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වන දිනයි.දින 87 ක සිට අඛණ්ඩව මන්ත්‍රිවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන හෙයින් ඇප ලබා දීමෙන් අනුතුරුවද මන්ත්‍රිවරයා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
අද අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රිවරයා රැගෙනවිත් තිබුණේද ගිලන් රථයකින්.