ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කර ඇති අති දැවැන්ත බැදුම්කර මංකොල්ලය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට්රෂරීස් සමාගම විසින් ආරම්භ කිරීමට යන මාධ්‍ය ජාලයට සිය කණ්ඩායමේ කිසිදු මාධ්‍ය හමුවකට හෝ මාධ්‍ය සම්බන්ධ කටයුත්තකට ආවරණය කිරීමට ඉඩ ලබා නොදීමට ඒකාබද්ද විපක්ෂය විසින් තීරණය කර ඇත.
ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම මාධ්‍ය ජාලයේ නිසිදු මාධ්‍යකට මාධ්‍ය සාකච්චා, සම්මුක සාකච්චා, වාද විවාද, ජනරැළි, උද්ඝෝෂණ ආදිය සදහා කිසිදු ආරාධනාවක් නොකිරීමටයි.