ත්‍රිකුණාමලය තෙල් ටැංකි 15 ක් ඉන්දීය සමාගමකට බදු දීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට ශ්‍රිලනිප ඇතැම් ඇමතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.ත්‍රිකුණාමලය තෙල් ටැංකි 15 ක් ඉන්දීය සමාගමකට බදු දී 15 ක් රජය සන්තකයේ තබා ගත යුතු බවට එහිදි ඛණ්ජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි විසින් ප්‍රකාශ කර ඇත.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදු දීමට එරෙහිව දයාසිරි ජයසේකර සහ අනුර ප්‍රියදර්ශන යාපාද එහිදී අදහස් පල කර තිබෙනවා.
රටේ ආර්ථික මර්මස්ථාන පිටරටට විකුණන බවට ජනතාව තුළ කුකුසක් ඇති වී ඇති බැවින් මෙම කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු විය යුතු බවත් එසේ නොමැතිව සිදු කරන කිසිදු කටයුත්තකට තමාගේ කිසිදු සහයෝගයක් නොමැති බවද අනුර ප්‍රියදර්ශන යාපා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
දයාසිරි ජයසේකරද කියා සිටියේ රජයේ දේපළ මෙලෙස විකිණීමෙන් ජනතා විරෝධයක් මතු විය හැකි බවයි .