ආරක්ෂක අංශ සහ ආරක්ෂක ජාල දුර්වල මට්ටමේ..හමුදාවට එරෙහි ආණ්ඩුවේ සැලසුමක්![Video]
වත්මන් ආණ්ඩුව ආරක්ෂක අංශ සහ ආරක්ෂ ජාලය දුර්වල කරමින් සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා.ඉන්දීය මාධ්‍යවේදිනියක සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එය වර්තමාන ආණ්ඩුව හිතා මතාම සිදු කරන දෙයක් බවත් , ඔහු සදහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් ඝාතන තැත සහ පුනරුත්ථාපනයවූ එල් .ටි .ටි .ඊ සාමාජිකයන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා.
ඒ සදහා පිළිතුරු ලබා දුන් හිටපු ජනාධිපතිවරයා ,
“අපේ පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථකයි.දැන් තියන ව්‍යසනය තමා ගැටුම් පැවති ප්‍රදේශවල අපේ ආරක්ෂ අංශ සහ ආරක්ෂක ජාල දුර්වල කිරීම. මෙය වර්තමාන ආණ්ඩුව හිතා මතාම කරන දෙයක්. ඒ ව්‍යවසනය වැඩි දුර නැහැ කියලා මට බියක් තියෙනවා. “
රට ජාතිය අනතුරේ වැටෙන ඕනෑම අවස්ථාවක තමන් සටන් කිරීමට සූදානම් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සදහන් කලේ තමන් සිදු කරමින් ඉන්නේ දේශප්‍රේමි දේශපාලනය බවයි.එය රැකියාවක් නොවන බවත් එය තමන්ගේ ජිවීතය බැවින් රටට ,ජනතාවට තමාව ඕනෑ වෙන අවස්ථාවක ඒ වෙනුවෙන් පෙනී සිටීමට තමා සූදානම් බවද ඔහු සදහන් කළා.